පිල්ලම් හුරුව Group 1
රුවෙකුගේ අධ්‍යාපන ගමනේ පළමු පියවර වනුයේ අක්ෂර පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වේ. ඒ නිසා ම නිවැරදි ව කියවීම, ලිවීම සහ හුදෙක් අකුරක හැඩය ගැන සරල අවබෝධයක් ලබා...
රුවෙකුගේ අධ්‍යාපන ගමනේ පළමු පියවර වනුයේ අක්ෂර පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වේ. ඒ නිසා ම නිවැරදි ව කියවීම, ලිවීම සහ හුදෙක් අකුරක හැඩය ගැන සරල අවබෝධයක් ලබා...
ආදරණීය දෙමාපියනි, අක්ෂර එසේත් නැත්නම් අකුරු යනු කුඩා සිතක විශ්වය හැදෙනා මූලික ම මූලිකාංගයකි.
දරුවෙකුගේ අධ්‍යාපන ගමනේ පළමු පියවර වනුයේ අක්ෂර පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම වේ. ඒ නිසා ම නිවැරදි ව කියවීම, ලිවීම සහ හුදෙක් අකුරක හැඩය ගැන සරල අවබෝධයක් ලබා දීම අතිශයින් ම වැදගත් වේ.
ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔබගේ දුව පුතාට මව්බස විෂයට අදාළ ව ප්‍රගුණ කළ යුතු නිපුණතා සාර්ථක ව සිදු කිරීම උදෙසා සිංහල භාෂාව පිළිබඳ ව නිවැරදි අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය බව කිව යුතු ය.
මෙහි දී අක්ෂර නිවැරදි ව හඳුනා ගැනීම සහ නිවැරදි ව ලිවීම ප්‍රධාන වශයෙන් ම දරුවාගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට සෘජුව ම බලපානු ලැබේ.
පන්ති කාමරය තුළ සිදු කරන අධ්‍යාපනය තවදුරටත් සාර්ථක වීම උදෙසා මෙවැනි සිංහල අකුරු පිල්ලම් හුරුව නමින් pensala.com අධ්‍යාපන ආයතනය හා එක්ව සැලසුම් කර අපි ඔබ අතට පත් කරන්නෙමු.
මෙම සිංහල අකුරු පන්තිය සැලසුම් කර ඇත්තේ, ඔබේ දුව පුතාට සරල ව විනෝදයෙන් නිවැරදි ව සිංහල අකුරු ඉගෙන ගැනීමේ හැකියාවක් ලබාදීම උදෙසා ය.
පාඨමාලා හැඩයට ගෙන ආ මෙම පන්තිය තුළින් ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබනා දරුවන්ට පහසුවෙන් හා පැහැදිලි ව උචාරණය කළ හැකි ශබ්ද සහිත අක්ෂර පළමුවෙන් හඳුන්වා දී ක්‍රමවත් ආකාරයකින් අකුරෙන් අකුරට දරුවන්ගේ ඉගෙනුම පිළිබඳව ආකර්ෂණය ගොඩනගයි.
අකුරු කියවන්නට ලියන්නට අකුරට ආදරය කරන්නට දරුවන්ට උදව් විය හැකි නව්‍යතාවයකින් මුල පිරීමට මෙම පාඨමාලාව මඟින් හැකියාව ඇතැයි අපි විශ්වාසය තබමු.
දේශක - ඉරේෂා දිල්රුක්ෂි
B.A. ( Hons ) In Philosophy and Psychology ( Frost - class - USJ
Dip. In Psychology and Counselling ( MHF ) | Dip. In English Langue ( British way English Academy
Session 01 - පිල්ලම් රහිත වචන සහ වැකි
Session 02 - හල්කිරීමේ ලකුණ
Session 03 - ඇලපිල්ල
Session 04 - කෙටි ඇදපිල්ල
Session 05 - දික් ඇදපිල්ල
Session 06 - කෙටි ඉස්පිල්ල
Session 07 - දික් ඉස්පිල්ල
Session 08 - කෙටි පාපිල්ල(කෙටි කොන් පාපිල්ල)
Session 09 - කෙටි පාපිල්ල ( කෙටි වක් පාපිල්ල, කෙටි ඇද පාපිල්ල )
Session 10 - දික් පාපිල්ල( දික් කොන් පාපිල්ල)
Session 11 - දික් පාපිල්ල( දික් වක් පාපිල්ල, දික් ඇද පාපිල්ල)
Session 12 - කොම්බුව Part 1
Session 12 - කොම්බුව Part 02
Session 13 - කොම්බුව සහිත හල්කිරීමේ ලකුණ
Session 14 - කොම්බුව සහිත ඇලපිල්ල
Session 15 - කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ
Buy Now
Students
104
language
English
Duration
00h 00mLevel
beginnerExpiry period
LifetimeCertificate
Yes
Iresha Harshani
English
Certificate Course
104 Students
00h 00m